Wednesday, April 16, 2014

පිනිබර මලක් වගේ

පිනිබර මලක් වගේ ගමේ පිපුණ නගේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා...

සිදාදියේ නපුරු සතුන් රුවට නුඹේ වසඟවෙලා
නොයෙක වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී
අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී
නඟේ පරිස්සමින් ඉඳින් අනේ රැවටෙන්න එපා...

සිදාදියේ විසිතුරු මැද සිටින විටදි තනි වීලා
අලුත් පහේ වෙන මුහුණු නෙතට හමු වේවී
ගමේ රෑ පානේ රහසේ කිව් කතා ගොළු වී යාවී
හිතේ සෝදිසියෙන් ඉඳින් අනේ හිත දෙන්න එපා...

පද රචනය -  කුලරත්න ආරියවංශ
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Pinibara Malak Wage

YouTube

No comments:

Post a Comment