Wednesday, February 5, 2014

සප්ත සයුරින් එහා

සප්ත සයුරින් එහා දේශ දෙශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බඳු
සියල් සිරිලක පරසිඳු සළු වියනා කුමාරී...

අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...

කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්...

දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ...

නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...

පද රචනය - අජන්තා රණසිංහ
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Saptha Sayurin Eha

YouTube


3 comments:

  1. "අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්..."

    මේ කොටස අහද්දී මාරම හැඟීමක් එන්නේ. ඒ සංගීතයත් ඒ වදන් පෙළත් වික්ටර් රත්නායක ලස්සනට මුසු කරලා තියෙනවා. ස්තූතියි ලිපියට.

    ReplyDelete
  2. සියල් සිරිලක පරසිඳු සළු - කොහොමද වචන ගැලපිල්ල

    ReplyDelete