චුක්කි චුක්කි චුක්කි කියල මාව රවටලා
මංජු මංජු මංජුගෙ හිත ඔයා රවටලා
චුක්කි චුක්කි චුක්කි මමයි ඔයා හැඳින්නා
මංජු මංජු මංජු කවුද මෙමා හැඳින්නා...
මේං මේං තුන්හිත ඔබ ගාවා ගාවා
රාං කුරුල්ලා තුරුලට ආවා ආවා
නයන පුරා දෙහද පුරා සෙනෙහස උතුරාලා
සිකුරු දසා ලැබුව නිසා මින්දද හස පාලා...
විහින් විහින් ඔබ මට පෙම් පෑවා පෑවා
රැහැන් රැහැන් බැඳි හද තනි වූවා වූවා
සෙවන සොයා සුමලි ගියා දිවි හසරක පාවී
අඳුරු හදේ අඳුර ඉරා අරුණළු විහිදාවී...
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය - සරත් දසනායක
සහාය ගායනය - ලතා වල්පොල