Showing posts with label L. පුණ්‍යසිරි මහවත්ත. Show all posts
Showing posts with label L. පුණ්‍යසිරි මහවත්ත. Show all posts

Wednesday, March 27, 2013

මම තරහා නැහැ

මම තරහා නැහැ
ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා...

හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ

අමෘතයද ඉවත හෙලයි හිත නැති නම් මුව තැබුමට
ඉරණම එය විසඳනු ඇත මටත් කලක් උදාවේවි
රැහැන් වෙලා බැඳගන්නට බැහැනේ ආදරේ..

හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ

පද රචනය හා සංගීතය - පුණ්‍යසිරි මහවත්ත