Showing posts with label L. සුජීව ප්‍රසන්න ආරච්චි. Show all posts
Showing posts with label L. සුජීව ප්‍රසන්න ආරච්චි. Show all posts

Tuesday, July 23, 2013

ඇත් රජුනි ඔබ එන්න

ඇත් රජුනි ඔබ එන්න 
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම 
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න...

සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න...

අකලංක මලින් පිරි 
සඳ යහන මත වැතිර
නිරිඳුනේ මම ඉඳිමි 
ඔබ නෙතින් ඉඳුල් වෙමි
මම ඔබේ රැජින වෙමි...

පුර පසින් සඳ නැගී
අවපසින් බසින තුරු
රැජිණියේ මම ඉඳිමි
ඔබ දෙසම බලා ඉමි
මම ඔබේ රජුන් වෙමි...

සියපතක් ලෙස සිතා 
ඔබ දෙපා සිප ගනිමි
මගේ දෙවිඳුන් ඔබයි 
දේව දාසියක් වෙමි
ප්‍රේමයේ වන්දනා...

රන් රුවන් කරඬුවක්
ලෙසින් ඔබ රැක ගනිමි
හදේ ලේ බිඳු රැගෙන
ලයේ පෙම් කව ලියමි
පාද පරිචාරිකා...

පද රචනය - සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය - ජයන්ත රත්නායක
සහාය ගායනය - උරේෂා රවිහාරි

Wednesday, March 27, 2013

ඔබ නැතුව ඉන්න බැරි තරමට

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ සීතල හිම ගිරි අරණේ
මට හමු වූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ

පද රචනය -  සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

ඔබ වගේ කෙනෙක්

ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි මේ ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ...

සරස සරස මම ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි...

ඔබ හිනාවකට සුදු මුතු මල් දම්
මේ ළයේ පහන් දැල්වෙන අන්දම්
ඔබ මගේ කියා මට හිතෙනව නම්
ඒතරම් සැපක් මට නෑ ආයේ...

සනස සනස සිත මම ඉන්නම්
සිහින සිහින මැද සරනව නම්...

රන් රූපෙන් ගලනා විට සඳකැන්
මේ රැයේ කොහොම ඉන්නද නොදනිම්
මා ඔබෙයි කියා ඔබ සිතනව නම්
මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ...

පැටළි පැටළි ඔබ ළඟ ඉන්නම්
නැළවි නැළවි ඔබ නළවන්නම්...

පද රචනය -  සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක