Monday, February 23, 2015

කියන්න මගෙ සුදු

කියන්න මගෙ සුදු පුන්චි කුමාරයො
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුන්චි කුමාරියෙ 
මමවත් නොදනිමි මා ආ කාරිය...

ඔබේ ලසෝ ගිනි තැවුල් නිවාලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙණ
මදෙස බලා ඉනු මැන කරුණාවෙන් 
එයයි මගේ ගිම් නිවන නවාතැන...

දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිලිසරණ පතන්නෙද
දෙපා සතුන්ගෙන් බැට කන මා හද 
ඔබේ සරණ නිබඳව නොසොයාවිද...

පද රචනය -
සංගීතය -
යුග ගායනය - නිරංජලා සරෝජිනී

Thursday, February 5, 2015

එපා හිරු පායන්න

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා හා
මගෙන් ඈ සමුගන්න...

සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනඟින්න
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ මිදී
මිදී නැවතී ඉන්න...

ලිය මඬුලු තුරු සිරස එපා මල් පළඳින්න
වසන්තය නිමාවිය කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී
සැලී කම්පා වන්න...

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Tuesday, February 3, 2015

අපට එපා බිම් අඟලක්වත්

අපට එපා බිම් අඟලක්වත්
අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
මළත් නොදෙමු බිම් අඟලක්වත්
අප ඉපදුණ මේ මව් පොළොවේ...

අපේ උපන්බිම අපි රැකගන්නට
අවසන් ලේ බිඳුවත් හෙලමු
අපේ හපන්කම් සතුරන් අබිමුව
කේශර ලීලාවෙන් මවමු...

ජාතිය නැතිදා රටක් කොහේදෝ
රට නැති වුණ දා දැයක් කොහේදෝ
මළත් නොදෙමු බිම් අඟලක්වත්
අප ඉපදුණ මේ ලක් පොළොවේ...

පද රචනය - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
සංගීතය - අමරසිරි පිරිස්
ගායනය - වික්ටර් රත්නායක

Sunday, February 1, 2015

මීන නුවන් යුගින්

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ බණ්ඩාරේ...


ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත්බෑ
අපි ඈතයි අපි ඈතයි
බණ්ඩාරේ බණ්ඩාරේ...


අත්වැල් බැඳ කෝවිල් යමු
පෝය දාට පන්සල් යමු
මෘදංග නද ගැටබෙර හඬ
අපගේ දෙසවනට එකයි...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
යුග ගායනය - නිරංජලා සරෝජිනී