Friday, February 5, 2016

රන් දේදුන්නක්

රන් දේදුන්නක් දිග හැර පෙම් මල්
මාවතක් මවලා
මල් හී දුනු ගත් කුමර කුමරියන්
මාවතේ පිරිලා...

වළා යහනේ උදා පවනේ
යොවුන් මල් පිපුණා
මතක සයුරේ සිහින අතරේ
තරඟ වැල් නැගුණා...

සිනා දෙතොලේ කඳුළු දෑසේ
වචන දැන හඳුනා
තක්සලාවේ කියූ පාඩම
යළිදු සිත ඇඳුනා...

පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - නන්දා මාලිනී
චිත්‍රපට‍ය - බඹා කෙටූ හැටි

Wednesday, February 3, 2016

සිප එන සමනල මුදුනින්

සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින්
ලංකා.. රන් තඹර කැකුළ
විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී...

භූ පාලන නව රැල්ලේ
එක ධජයක සෙවණැල්ලේ
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක