Tuesday, August 13, 2013

පුලා සුවඳ මලවුල් කැරැ

පුලා සුවඳ මලවුල් කැරැ වරල් බැඳ
දුලා රන් පතින් සරසා සවන් සොඳ 
නිලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ
බලා සිටු රඟන රඟ මඬලැ කල්බඳ

විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී

ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමඟ රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු සියල්ලා

 -සැළලිහිණි සංදේශය

Thursday, August 8, 2013

දිනෙක හිරු බැස යන වෙලාවක

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..

සයුර මා විය අහස ‍ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි..

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක