Thursday, August 8, 2013

දිනෙක හිරු බැස යන වෙලාවක

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..

සයුර මා විය අහස ‍ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි..

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Dineka Hiru

YouTube

2 comments:

  1. මගේ ෆේවරිට් වලින් එකක් !
    (මේ පික්චර් වෙරිෆිකේෂන් අයින් කරපන් බං :( )

    ReplyDelete