Tuesday, July 23, 2013

අකල්හී පියාපත්

අකල්හී පියාපත් බිඳී ගිය කුරුල්ලෙකු
ගයන ගී අහන්නට ආවෙහිද කිව මැනව
එකල්හී පියාපත් සවිමත් ව තුබූ සඳ
ඔබේ ලඟ අද වගේ මම උනිමි නොපෙනුනිද...

මානයෙන් නෙත් බිඳුනු ස්නේහයෙන් සිත මිදුණු
සරුංගල් ලෝකයේ එදා ඔබ නොදත්තෙමි
ප්‍රේමයෙන් හද පිරී ස්නේහයෙන් සිත බැඳී
ඔබේ හෙවණැල්ල සේ ඔබ ලඟම මම උනිමි...

සරුංගල් සිහින ලඟ ජීවිතය හේම වී
මට මගේ හෙවණෑල්ල පවා අද නැත ලඳුනි
නොතැවෙන්න පිය සබඳ විකල් වූ සිත නිවමි
ඔබේ හෙවණැල්ල වී සදා ඔබ ලඟ ඉඳිමි...

පද රචනය - මහින්ද අල්ගම
සංගීතය - රෝහණ වීරසිංහ
සහාය ගායනය - නිරංජලා සරෝජිනී

Mp3 - Akalhi Piyapath

YouTube


No comments:

Post a Comment