Tuesday, July 23, 2013

ඇත් රජුනි ඔබ එන්න

ඇත් රජුනි ඔබ එන්න 
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම 
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න...

සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න...

අකලංක මලින් පිරි 
සඳ යහන මත වැතිර
නිරිඳුනේ මම ඉඳිමි 
ඔබ නෙතින් ඉඳුල් වෙමි
මම ඔබේ රැජින වෙමි...

පුර පසින් සඳ නැගී
අවපසින් බසින තුරු
රැජිණියේ මම ඉඳිමි
ඔබ දෙසම බලා ඉමි
මම ඔබේ රජුන් වෙමි...

සියපතක් ලෙස සිතා 
ඔබ දෙපා සිප ගනිමි
මගේ දෙවිඳුන් ඔබයි 
දේව දාසියක් වෙමි
ප්‍රේමයේ වන්දනා...

රන් රුවන් කරඬුවක්
ලෙසින් ඔබ රැක ගනිමි
හදේ ලේ බිඳු රැගෙන
ලයේ පෙම් කව ලියමි
පාද පරිචාරිකා...

පද රචනය - සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය - ජයන්ත රත්නායක
සහාය ගායනය - උරේෂා රවිහාරි

Mp3 - Eth Rajuni

YouTube


No comments:

Post a Comment