Saturday, November 30, 2013

හෝපලු වනපෙත

හෝපළු වනපෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන...

ලැම විල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්තන රංගන කළ මැන...

අංජන ගල්වන පංකජ නයණී
වෙණ චංචල කළ සත්සර දියණී
මන්මද නර්තන රංගන කළ මැන...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Monday, November 25, 2013

රෑ බෝ වී එන

රෑ බෝ වී එන හැන්දෑයාමේ
රතු වී මුහුදට හිරු වැටුණා
ඒ මොහොතේ මට ගිනි ගත් නගරෙක
අප දෙදෙනා උන් හැටි දැනුණා...

ඔබ එක අතකින් මා එක අතකින්
අවුදින් ඉස්සර මුණ ගැසුණේ
මේ ඉර අහසින් වැටෙන වෙලාවක්
සොයමිනි අප දෙදෙනා සිටියේ...

තරු වලටත් ඉඩ වැස්සකටත් ඉඩ
අද ඇත ඕනෑ තරම් ඔහේ
ඔහු අත ගත් ඔබ ඇය අත ගත් මා
ළඟ ඒ ඉඩ නෑ කොහෙත් ලොවේ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Saturday, November 16, 2013

අනාථනාථයා‍ණනි

අනාථනාථයා‍ණනි
තුන්ලෝ තල තිලකාය මාන වූ
ශ්‍යාක්‍ය සිංහ වූ
අනාථනාථයාණනි...

මුවින් සිනහ සී සිතින් වෛර කරනා
සිරුර වැළඳ ගෙල සිර කොට හිස සිඳිනා
බුදු බණ නෑසු රුදු මිනිසුන් දැක
පඬුපුල් සෙලසුන් උණු නොම වෙද අද...

දෙතොල හලා හල විෂ තැන තැන ඉසිනා
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා
නොමිනිස් කැළ නම් යහ මඟ නොදකිත්
සිවු වෙනි වරටත් බුදු හිමි වැඩියත්...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක