Friday, February 7, 2014

එක කුඩයක් යට

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

කිසිවකු සමගින් එකට තුරුලු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...

මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ...

පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනු නිර්මාණය  - ස්ටැන්ලි පීරිස්

Mp3 - Eka Kudayak Yata

Video


සැලකිය යුතුයි - මෙම වීඩියෝව යූටියුබ් හි ඇති අතර එය මෙතැනට සම්භන්ධ කිරීමට අපහසු නිසා බාගත කර වෙනමම මෙයි දක්වා ඇත. වීඩියෝවේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුට හිමිවේ.

No comments:

Post a Comment