Wednesday, April 16, 2014

ප්‍රේම වසන්තයේ මාල ගිරා දේවී

ප්‍රේම වසන්තයේ මාල ගිරා දේවී
ඈත දිගන්තයේ හෙමින් ඉගිල යාවී
නුඹේ නමින් ගී ගයා වළා රොදක පා වෙලා
ප්‍රේමයෙන් ළඟින් හිඳින්න ආවේ...

ඔබ මා තුරුලේ මඳහාසෙ පාලා
වන මල් යහනේ තුරු සෙවණේ
උණුසුම් සුව වෑහෙන දෙතොලේ
ගීයක් වන්නෙමි මම සබඳේ...

රෑ තරු වියනේ හඳ පාන වාගේ
තනි වී හිඳිනා විට යහනේ
කඳුළැල් වැටෙනා සඳ දෙනෙතේ
සුසුමක් වන්නෙමි මම නිබඳේ...

පද රචනය - ගීතනාත් කුඩලිගම
තනු නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායක

Mp3 - Prema Wasanthaye

YouTube

No comments:

Post a Comment