Friday, April 18, 2014

සඟවාගනු මැන

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...

මහ වන පියසෙක අදුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද...

සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...

පද රචනය - බණ්ඩාර කේ. වි‍ජේතුංග
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායක
Mp3 - Sangawa Ganu Mena

YouTube


No comments:

Post a Comment