Sunday, April 13, 2014

රනින් ඉරක් පායා

රනින් ඉරක් පායා ඒ එළියෙන්
නැවුම් ලොවක් මිහි මත බිහි වී
මඟුල් හඬින් නෑඹුල් පොළොවේ
සතුටු උදානය සිත තුළ ඉපදී
සිතින් සිතට පාවී නැළ වේ...

කැපූ කරල් බර ගොයම් සුළං කර කුරුණි වලින් පුරවා
කොටසක් අටුවෙහි අහුරා කොටසක් කිරිබතකට හරවා
ගෙමිදුල වෙත එන නව හිරු එළියේ මාගල් පැදුර එලා
ඉටු දෙවියන් යැද සව්දිය පිරුමට මුළු ලොව එකතු වෙලා...

කිරල කැලේ බට කුරුලු කැලේ අලුත උපන් පැටවුන්
අන්දර ගස් යට පිම්මේ ඉගිලෙයි පෙර නොහුරූ අයුරින්
දොළොස් මහක් ජීවත් වූ ලෝකය අලුතින් අලුත් වෙලා
තවත් අලුත් ලොවකට පිවිසෙන්නට ලොව ඉන් පිටත් වෙලා...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය - ඩබ්. ඩී. අමරදේව

Mp3 - Ranin Irak Paya

YouTube

No comments:

Post a Comment