Sunday, December 8, 2013

පෙම් ලොව දොරකඩ හැපෙමින්

පෙම් ලොව දොරකඩ හැපෙමින් හඬා වැටෙන්නේ
කියන්න ඔබ මන්ද හඬන්නේ
බිඳුණු පෙමට දැවුණු හදින් හඬා වැටෙන්නේ
හඬන්නවත් කඳුළු නො එන්නේ...

නොදන්නී ද බොළඳියෙ නුඹ පෙම් ලොව රුදුරු
නෑසුවේ ද පෙම් ලොව ගැන තොරතුරු කුරිරු
ඇසුවෙමි පෙර කව් නළු වල පෙම් ලොව රුසිරු
එවන් රුසිරු සොයා ආමි බිඳ හැර පවුරු...

කඳුළින් තොර පෙම් පුවතක් ඇසුවෙද මියුරු
නොපෑරුණු සිතින් උන්නේ පෙම් ලොව කවුරු
දනිමි හැඳින්නෙමි පෙම් ලොව මා ප්‍රිය මිතුරු
පවසට කඳුළැලි බොන්නම් යදියක අයුරු...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
සහාය ගායනය - නිර්මලා රණතුංග
Mp3 -

YouTube



No comments:

Post a Comment