Wednesday, December 4, 2013

තොටුපළ අයිනේ

තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ
කවුද අත වනන්නේ
තොටුපළ අයිනේ...

හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ හෙවණේ
හබල බිඳීලා පෙරළුණු ඔරුවක සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි
තොටුපළ අයිනේ කවුද අත වනන්නේ...

ආ මඟ අඳුරේ පෙරමඟ දෙගොඩින් තරු යුවළක් ඇවිලේ
ඔරුකඳ ඇතුළේ නුපුරුදු සුවඳත් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි හෙට මම හිනැහෙමි
තොටුපළ අයිනේ කවුද අත වනන්නේ...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Thotupala Aine

YouTube


1 comment:

  1. ස්තුතියි කැමතිම සින්දුවක්

    ReplyDelete