Monday, February 3, 2014

අරුන්දතී තාරකාව සේ දිලී දිලී

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැගී නැගී...

වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල් වන් වැව් යායයි
සිරිලක් දසනුදිසා එක හීයයි
ලක්වැසියෙක් වී අද ඉර පායයි..

මල්සර උක්දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දානයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි
නිවහල් ලොවකට මං පෙත් පාදයි...

පද රචනය - සුනිල් ආරියරත්න
තනු නිර්මාණය  - සෝමපාල රත්නායක


YouTube

1 comment:

  1. කොච්චර ඇහුවත් එපාවෙන්නැති වික්ටර්ගේ හඬට මේ අපූරු සංගීතය තනුව එකතු උනාම මොන තරම් සුන්දරද අප්පා . .

    ReplyDelete