ආදර පූජාසනේ
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ
මමයි ඔබේ කුසුම් මනාලී...
ආසිරි පවන් රොදින් ඇසේ
දේව දූතයන්ගෙ මිහිරි ප්‍රේම ගීතිකා
සාදර පැතුම් පවන් වැදී
දේව දූතයන් ගයාවි ප්‍රේම ගීතිකා…
යෞවන මල් සමයේ මේ නිසසල යාමේ
සීතල රෑ... සැතපෙම් මා... මංගල මල් යහනේ…
මංගල සීනු හඬින් චංචල වූ ලෝකේ
අනුරාග... පෙම් රාව...නින්නනාදයෙ…
ඔබගේ නුරා සුසුමේ රන් මුතු ලැල් පවනේ
සිලිලාරේ... වෙලෙමී මා... පෙම්සිත් අනුරාගී
විකසිත නෙත් සඟලේ ප්‍රේම ශිඛා කැල්මේ
ආලෝකේ... සැතපෙන්න... ළංවෙන්නෙ මා…
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි
සහාය ගායනය - සුජාතා අත්තනායක
චිත්‍රපටය - දෙවියනි ඔබ කොහිද
Monday, September 29, 2014
Monday, August 4, 2014
අපි ඈතට ඈතට පා නගලා
අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ...
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ...
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ...
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ...
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ...
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ...
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Saturday, August 2, 2014
අඳුර බිඳින්නට
අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා...
මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ...
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ...
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ...
එපමනයි
පිළිසරණය වන්නේ...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - මාතර ආච්චී
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා...
මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ...
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ...
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ...
එපමනයි
පිළිසරණය වන්නේ...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - මාතර ආච්චී
Wednesday, July 2, 2014
අරුණ උදයේ
අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා
ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා...
ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්
එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්
පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්
කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්...
නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්
දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්
ඉතින් රැකියාවක් ද හරි හැටි නොමැති ඔහුගේ අත අරන්
කොළඹ යයි ඇය ඔහු හිඳී ගෙයි ගෙයයි දරුවයි මුර කරන්...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා...
ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්
එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්
පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්
කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්...
නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්
දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්
ඉතින් රැකියාවක් ද හරි හැටි නොමැති ඔහුගේ අත අරන්
කොළඹ යයි ඇය ඔහු හිඳී ගෙයි ගෙයයි දරුවයි මුර කරන්...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
Thursday, May 1, 2014
අපෙ හැඟුම් වලට
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
Friday, April 18, 2014
සඟවාගනු මැන
සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...
මහ වන පියසෙක අදුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද...
සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායක
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...
මහ වන පියසෙක අදුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද...
සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායක
Wednesday, April 16, 2014
පිනිබර මලක් වගේ
පිනිබර මලක් වගේ ගමේ පිපුණ නගේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා...
සිදාදියේ නපුරු සතුන් රුවට නුඹේ වසඟවෙලා
නොයෙක වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී
අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී
නඟේ පරිස්සමින් ඉඳින් අනේ රැවටෙන්න එපා...
සිදාදියේ විසිතුරු මැද සිටින විටදි තනි වීලා
අලුත් පහේ වෙන මුහුණු නෙතට හමු වේවී
ගමේ රෑ පානේ රහසේ කිව් කතා ගොළු වී යාවී
හිතේ සෝදිසියෙන් ඉඳින් අනේ හිත දෙන්න එපා...
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා...
සිදාදියේ නපුරු සතුන් රුවට නුඹේ වසඟවෙලා
නොයෙක වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී
අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී
නඟේ පරිස්සමින් ඉඳින් අනේ රැවටෙන්න එපා...
සිදාදියේ විසිතුරු මැද සිටින විටදි තනි වීලා
අලුත් පහේ වෙන මුහුණු නෙතට හමු වේවී
ගමේ රෑ පානේ රහසේ කිව් කතා ගොළු වී යාවී
හිතේ සෝදිසියෙන් ඉඳින් අනේ හිත දෙන්න එපා...
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Subscribe to:
Posts (Atom)