සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ...
දෙනෝදාහක් අවට සිටිය ද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුව ද
දෙනෙත නළවන නෙතක් නොදුටිම් මම්...
පාළු ගනඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළංවී කෙදින හිඳිමි ද මම්...
පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - පොඩි මල්ලී
Mp3 - Kohe Sita Oba
YouTube
ප.ලි - වීඩියෝවේ අයිතිය
No comments:
Post a Comment