Sunday, November 2, 2014

ප්‍රේම පරාදීසේ

ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ 
ප්‍රේම පරාදීසේ...

විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ
වැළපුන වෙරළක දිය බිඳුව ඔබ
ගොළුවුණු දෙතොලක සිනහ සිහිල ඔබ...

ගිණි දන කතරක පවන් රළකි ඔබ
විළි ලන අඳුරක නැවුම් ඉරකි ඔබ
නොහැ‍ඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව ඈ මෙන් නො එන දුකකි ඔබ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Prema Paradise

YouTube

වැදගත් - මුල් වීඩියෝව සම්භන්ධ කල නොහැකි නිසා බාගත කර නැවත මෙහි ඇතුලත් කරන ලදී

2 comments:

  1. මේවා සින්දු නෙමේ අප්පා - හදවත මිරිකල දාන මොනවදෝ දේවල්!

    ReplyDelete
  2. ලස්සන කතාව, තිස්ස අයියා :)

    ReplyDelete