Tuesday, March 4, 2014

තුරු ලපලු ලතාවෝ

තුරු ලපලු ලතාවෝ පවනේ සැලී
සීතල මේ නිහඩ රෑ
ආදර විහඟුන් බලා

සිතුම් විමානේ සසල කලාවූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ

ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලී
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ

පද රචනය - හැරී විමලසේන
තනු නිර්මාණය  - එච්. එම්. ජයවර්ධන
Mp3 - Thuru Lapalu

YouTube


1 comment:

  1. බොහොම ස්තූතියි සෝරෝ... පදරචකයා සහ සංගීතඥයාගේ නම් ඉදිරිපත් කිරීම බොහොම අගය කරනවා....

    ReplyDelete