Tuesday, February 18, 2014

සුරංගනාවක් සදිසි මෙනවියක්

සුරංගනාවක් සදිසි මෙනවියක් අපේ මණ්ඩියට ආවා ලූ
මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු
ඇය ඔබද කියන් ළඳුනේ
ඔබ ඇය ද කියන් ළඳුනේ

බොහොම කාලයක් ඔහොම රූපයක් මගේ හදවත තුල තිබුනා නම්
සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්
ඒ සිහින කුමරි ඔබ නම්
කුමරුවා මම ය බැඳි පෙම්

හිතට පාලුවක් දැනෙන යාමයක් ඔබටද මට මෙන් දැනේවි නම්
අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්
ඒ ලොව කියන නම නම්
ආදරය පමණි මට නම්

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්


Mp3 - Suranganawak Sadisi

YouTube


2 comments:

  1. අහලවත් තිබ්බේ නැති ගීතයක්.... ස්තූතියි. මම තව කැමති වැඩිය නෑසෙන ගීයක් තමයි 'සරුපස දිලේ පූදින ගොයමක් සේම' ගීතය. ඒ වගේම 'තුරු ළපළු ලතාවෝ'. මේ දෙකම මම දැක්ක හැටියට තවම ඇතුල් කරලා නෑ. පුළුවන් කමක් තියනවා නම් දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහසට.. මම ඒ ගීත දෙකත් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්නම්..

      Delete