Monday, September 9, 2013

ඇගේ නමට

ඇගේ නමට හිමිකම් පවරා දුන්
මගේ ජීවිතය නම් දිනපොත ගෙන
පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
යුග ගණනක් දුර මතකය විහිදා....

නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
ඇය හමු වූ බව මම ම ලියා ඇත
රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
නෙළා ගන්න එය දවසක රිසිවෙමි....

ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
මා හා එන බව ඇගෙ අත් අකුරින්
පිටක් පිරෙන්නට ලියා තබා ඇත....

උඳුවප් මාසේ කිසියම් දවසක
බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
ඇය දීගෙක ගිය වග මා අතහැර
කවුරු නමුත් ලියලා ඇත ලොකුවට

ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම.....

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Mp3 - Ege Namata

Video


සැලකිය යුතුයි - මෙම වීඩියෝව යූටියුබ් හි ඇති අතර එය මෙතැනට සම්භන්ධ කිරීමට අපහසු නිසා බාගත කර වෙනමම මෙයි දක්වා ඇත. වීඩියෝවේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුට හිමිවේ.

7 comments:

  1. අඩේ මේක අහන්න දියංකෝ.. මං අදමයි මේ පද පේලි දැක්කෙත්...

    ReplyDelete
  2. පිස්සු හැදෙන සිංදුවක් සොරෝ මල්ලී . .
    පලමු පේලිය අහද්දිම ඇඟේ මයිල් කෙලින් උනා ඇඟේ හීගඩු පිපුනා . .
    දෙවෙනි පේලිය අහද්දී ඇස් දෙකේ කඳුලු පිරුනා . .
    දුකටද සතුටටද සුන්දර අතීතය සිහි වෙලාද අනේ මන්දා . .
    සුපිරිම සුපිරි සින්දුවක් . . .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා අයියා..

      Delete
  3. පරණ කැසට් එකක තිබිලා මේක අහලා තියෙනවා... අදමයි.. ඇහුවෙ පොඩි කාලෙන් පස්සෙ.. ස්තූතියි සොරෝ

    ReplyDelete
  4. සතූතියි..........අමතක ........මතකය...........මතකෙට දුන්නාට................

    ReplyDelete