මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
අප වෙලී දෙඩූ අද සැඳෑ කලේ
ඔබගෙන් සමු ගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්...
ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා
දඟකාර කම් කරමින්
නෙත් පියන්න ඉඩ දෙන් නෑ...
නේවාසිකාගාරේ
පොත් අතර රැඳී ඔබ අකුරු කියූවද
කිසිවක් මතකයෙ නොරැඳෙන බව දනිමී
ඔබෙ සිත මා ළඟ හින්දා....
ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා....
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
YouTube
No comments:
Post a Comment