Monday, September 29, 2014

ආදර පූජාසනේ

ආදර පූජාසනේ
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ
මමයි ඔබේ කුසුම් මනාලී...

ආසිරි පවන් රොදින් ඇසේ 
දේව දූතයන්ගෙ මිහිරි ‍ප්‍රේම ගීතිකා
සාදර පැතුම් පවන් වැදී
දේව දූතයන් ගයාවි ප්‍රේම ගීතිකා…

යෞවන මල් සමයේ මේ නිසසල යාමේ
සීතල රෑ... සැතපෙම් මා... මංගල මල් යහනේ…
මංගල සීනු හඬින් චංචල වූ ලෝකේ
අනුරාග... පෙම් රාව...නින්නනාදයෙ…

ඔබගේ නුරා සුසුමේ රන් මුතු ලැල් පවනේ 
සිලිලාරේ... වෙලෙමී මා... පෙම්සිත් අනුරාගී
විකසිත නෙත් සඟලේ ප්‍රේම ශිඛා කැල්මේ 
ආලෝකේ... සැතපෙන්න... ළංවෙන්නෙ මා…

පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි
සහාය ගායනය - සුජාතා අත්තනායක
චිත්‍රපට‍ය - දෙවියනි ඔබ කොහිද