Monday, March 30, 2015

පොඩි විහඟ තුඩේ මියුරු කතා

පොඩි වහඟ තුඩේ මියුරු කතා
රැවුදෙන ඈත රටේ පුංචි කිරිල්ලී
වන බඹර මුවේ රේණු පිරූ
ආදර මාරුතයේ ඒවි ඉගිල්ලී...

කාටද රහසින් කීවේ කීවේ නෑ සුව දී මුදු රාවේ
ඔබදෝ නොකියා ආවේ ආවේ නුදුටුව රූ සිරියාවේ
රන්රසු නාදේ ඔබගේ පාදේ ළං වී සවනේ සරනා
ඒ හඩ මා මන මඬලේ යාවී ආදර ඡායා පිපුණා...

රෑ හඳ තරු මල් යායේ පාවේ සීතල සිතුපෙම් මවනා
මා ළඟ දෑතින් දෑතේ පැටලී කවුදෝ උණුහුම් දෙවනා
රෑ දුටු සීනේ දෑසට හමු නී මේ දුර ආවා ආවා
දෑසට ළං වුණු ඉඳුවර දෑසින් මල්මද ස්නේහේ දේවා...

පද රචනය - අජන්තා රණසිංහ
තනුව - එච්.එම්. ජයවර්ධන
යුග ගායනය - නිර්මලා රණතුංග