අකල්හී පියාපත් බිඳී ගිය කුරුල්ලෙකු
ගයන ගී අහන්නට ආවෙහිද කිව මැනව
එකල්හී පියාපත් සවිමත් ව තුබූ සඳ
ඔබේ ලඟ අද වගේ මම උනිමි නොපෙනුනිද...
මානයෙන් නෙත් බිඳුනු ස්නේහයෙන් සිත මිදුණු
සරුංගල් ලෝකයේ එදා ඔබ නොදත්තෙමි
ප්‍රේමයෙන් හද පිරී ස්නේහයෙන් සිත බැඳී
ඔබේ හෙවණැල්ල සේ ඔබ ලඟම මම උනිමි...
සරුංගල් සිහින ලඟ ජීවිතය හේම වී
මට මගේ හෙවණෑල්ල පවා අද නැත ලඳුනි
නොතැවෙන්න පිය සබඳ විකල් වූ සිත නිවමි
ඔබේ හෙවණැල්ල වී සදා ඔබ ලඟ ඉඳිමි...
පද රචනය - මහින්ද අල්ගම
සංගීතය - රෝහණ වීරසිංහ
සහාය ගායනය - නිරංජලා සරෝජිනී
Tuesday, July 23, 2013
ඇත් රජුනි ඔබ එන්න
ඇත් රජුනි ඔබ එන්න
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න...
සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න...
අකලංක මලින් පිරි
සඳ යහන මත වැතිර
නිරිඳුනේ මම ඉඳිමි
ඔබ නෙතින් ඉඳුල් වෙමි
මම ඔබේ රැජින වෙමි...
පුර පසින් සඳ නැගී
අවපසින් බසින තුරු
රැජිණියේ මම ඉඳිමි
ඔබ දෙසම බලා ඉමි
මම ඔබේ රජුන් වෙමි...
සියපතක් ලෙස සිතා
ඔබ දෙපා සිප ගනිමි
මගේ දෙවිඳුන් ඔබයි
දේව දාසියක් වෙමි
ප්‍රේමයේ වන්දනා...
රන් රුවන් කරඬුවක්
ලෙසින් ඔබ රැක ගනිමි
හදේ ලේ බිඳු රැගෙන
ලයේ පෙම් කව ලියමි
පාද පරිචාරිකා...
පද රචනය - සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය - ජයන්ත රත්නායක
සහාය ගායනය - උරේෂා රවිහාරි
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න...
සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න...
අකලංක මලින් පිරි
සඳ යහන මත වැතිර
නිරිඳුනේ මම ඉඳිමි
ඔබ නෙතින් ඉඳුල් වෙමි
මම ඔබේ රැජින වෙමි...
පුර පසින් සඳ නැගී
අවපසින් බසින තුරු
රැජිණියේ මම ඉඳිමි
ඔබ දෙසම බලා ඉමි
මම ඔබේ රජුන් වෙමි...
සියපතක් ලෙස සිතා
ඔබ දෙපා සිප ගනිමි
මගේ දෙවිඳුන් ඔබයි
දේව දාසියක් වෙමි
ප්‍රේමයේ වන්දනා...
රන් රුවන් කරඬුවක්
ලෙසින් ඔබ රැක ගනිමි
හදේ ලේ බිඳු රැගෙන
ලයේ පෙම් කව ලියමි
පාද පරිචාරිකා...
පද රචනය - සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය - ජයන්ත රත්නායක
සහාය ගායනය - උරේෂා රවිහාරි
Monday, July 15, 2013
ඇහුම්කම් දෙන්න නම් එපා
ඇහුම්කම් දෙන්න නම් එපා
අඩ සඳ නුඹත්, මා ඇයට මුමුණනා පෙම් කතා
ඇගෙ උණුසුමට මා මත් වෙලා
සුන්දර වූ මේ රැයේ තනි වෙලා...
මලානික වලාපෙල ඇදි ඇදී යයි දුරින්
නිරාවරණය කරයි මුලු ලෝකෙම අප කෙරෙන්
මගේ කොපුලක ඇගේ, අකීකරු කෙහෙ රැළක්
දැවටෙනා හැටි බලන්...
සරාගික නුරා ඇස යොමාගෙන ඇයි හොරෙන්
අපේ ලෝකයම දැන් වලා රොදත සඟවපන්
ඇසේ මිණීකැට ඇගේ උමතු වී ප්‍රේමයෙන්
දිළිසෙනා හැටි බලන්...
පද රචනය - ගීතනාත් කුඩලිගම
සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක
අඩ සඳ නුඹත්, මා ඇයට මුමුණනා පෙම් කතා
ඇගෙ උණුසුමට මා මත් වෙලා
සුන්දර වූ මේ රැයේ තනි වෙලා...
මලානික වලාපෙල ඇදි ඇදී යයි දුරින්
නිරාවරණය කරයි මුලු ලෝකෙම අප කෙරෙන්
මගේ කොපුලක ඇගේ, අකීකරු කෙහෙ රැළක්
දැවටෙනා හැටි බලන්...
සරාගික නුරා ඇස යොමාගෙන ඇයි හොරෙන්
අපේ ලෝකයම දැන් වලා රොදත සඟවපන්
ඇසේ මිණීකැට ඇගේ උමතු වී ප්‍රේමයෙන්
දිළිසෙනා හැටි බලන්...
පද රචනය - ගීතනාත් කුඩලිගම
සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක
Wednesday, July 3, 2013
සොඳුරිය ඔබගේ
සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ වුවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා
සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ වුවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා
පද රචනය - දයානන්ද ගුණවර්ධන
සංගීතය - ලයනල් අල්ගම
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ වුවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා
සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ වුවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා
පද රචනය - දයානන්ද ගුණවර්ධන
සංගීතය - ලයනල් අල්ගම
Subscribe to:
Posts (Atom)