දසත මධු වසන්තේ
යසට සිතුවම් වෙලා
රජත හසරැළි දිසේ
මුහුණු විකසිත වෙලා...
බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා
සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා
සුවඳ විත ඉහිරිලා...
නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා
තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා
අසිරියෙන් මත්වෙලා...
පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Saturday, August 15, 2015
Sunday, August 9, 2015
සිහිනෙන් ඇවිදින
සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
දොර කවුරු ද වැසුවේ...
දෙපයට දැනිලා වතුරේ සීතල
සිහිනෙන් ඇවිදින මා බලනා සඳ
ඒ නිල් දිය මත සෙවණැල්ලක් වී
හිනැහෙන ඔබ රුව මා නෙත රැඳුනා...
ගේ දොර හැරගෙන මිදුලට අවුදින්
බැලූ විට දිදුලන සඳ රේඛා මත
සිහිළඹ පොකුණෙන් දිය නා සපැමිණි
කුමාරියක් වී ඔබ රුව පෙණුනා...
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - සෝමපාල රත්නායක
මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
දොර කවුරු ද වැසුවේ...
දෙපයට දැනිලා වතුරේ සීතල
සිහිනෙන් ඇවිදින මා බලනා සඳ
ඒ නිල් දිය මත සෙවණැල්ලක් වී
හිනැහෙන ඔබ රුව මා නෙත රැඳුනා...
ගේ දොර හැරගෙන මිදුලට අවුදින්
බැලූ විට දිදුලන සඳ රේඛා මත
සිහිළඹ පොකුණෙන් දිය නා සපැමිණි
කුමාරියක් වී ඔබ රුව පෙණුනා...
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - සෝමපාල රත්නායක
Subscribe to:
Posts (Atom)