Monday, August 4, 2014

අපි ඈතට ඈතට පා නගලා

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ...

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ...

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Saturday, August 2, 2014

අඳුර බිඳින්නට

අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා...

මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ...
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ...

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ...
එපමනයි
පිළිසරණය වන්නේ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - මාතර ආච්චී