Thursday, February 16, 2017

කඳුළු කුමට අප සමුගත් අතීතයට

කඳුළු කුමට අප සමුගත් අතීතයට
අතීතයම සොඳුරු සිහිනයක්...

ආදර කවියක තැවරුණ
සුවඳ අතර නිරන්තරව
ආදරයෙන් අප වැතිරුණ
වසන්ත සමයක්...

ජීවිතයේ මතක අතර
හද සරසන මතකයක්ව
මියුරු සරින් අප අමතන
මිතුරු මතකයක්...

පද රචනය - රෝහාන් ලියනගේ
සංගීතය - දර්ශන වික්‍රමතුංග

Tuesday, October 25, 2016

දෑසේ හිනාවේ කඳුලැල් උදාවේ

දෑසේ හිනාවේ කඳුලැල් උදාවේ
බොඳ වේ ද සුදු මීදුමේ
ඈ මා සොයා ඒ තරු කැන් දුමාරේ
දුර ඈත කඳු බෑවුමේ...

රෑ සිහිනෙන් ළං වී සැතපී සිතේ
අනුරාග මල් මාවතේ
ඇසුරෙන් දුරස් වී ප්‍රේමේ වියෝ ගී
ඇවිලේ ද පෙම් චිතකයේ...

මා මනසින් වෙන් වී මතකේ වෙලී
ගුරු පාර ළඟ ගං ඉමේ
සිතුවම් අතීතේ විහඟුන් විලාසේ
පෙරසේ මැවේ මැදියමේ...

පද රචනය - අජන්තා රණසිංහ
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක

Friday, February 5, 2016

රන් දේදුන්නක්

රන් දේදුන්නක් දිග හැර පෙම් මල්
මාවතක් මවලා
මල් හී දුනු ගත් කුමර කුමරියන්
මාවතේ පිරිලා...

වළා යහනේ උදා පවනේ
යොවුන් මල් පිපුණා
මතක සයුරේ සිහින අතරේ
තරඟ වැල් නැගුණා...

සිනා දෙතොලේ කඳුළු දෑසේ
වචන දැන හඳුනා
තක්සලාවේ කියූ පාඩම
යළිදු සිත ඇඳුනා...

පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - නන්දා මාලිනී
චිත්‍රපට‍ය - බඹා කෙටූ හැටි

Wednesday, February 3, 2016

සිප එන සමනල මුදුනින්

සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින්
ලංකා.. රන් තඹර කැකුළ
විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී...

භූ පාලන නව රැල්ලේ
එක ධජයක සෙවණැල්ලේ
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Sunday, January 10, 2016

රෝස මලේ රතු රෝස මලේ

රෝස මලේ රතු රෝස මලේ
දෙබරු නොවේ අපි බඹර කුලේ
රොනට මලේ පෙම් තුඩඟ සැලේ
රෝස මලේ රතු රෝස මලේ...

අප ආ මාවත සැරිසැරු වනපෙත 
සිටි මල් කුමාරියෝ 
දිනුවේ නෑ සිත නුඹ මෙන් උන් වත
අප ගෙන් නොවනු වියෝ...

කටු අතු අතරේ මුදු වත සඟවා
නොසැලී සිටින් මලේ 
ගත සිත සනහා පවස ද සිඳවා
පෙම් රොන් දියන් මලේ...

පද රචනය -  කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
සහාය ගායනය - අරුණ ශ්‍රී ආරියදාස

Thursday, December 17, 2015

කොහේ සිට ඔබ පැමිණියේදෝ

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ...

දෙනෝදාහක් අවට සිටිය ද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුව ද
දෙනෙත නළවන නෙතක් නොදුටිම් මම්...

පාළු ගනඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළංවී කෙදින හිඳිමි ද මම්...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - පොඩි මල්ලී

Saturday, August 15, 2015

දසත මධු වසන්තේ

දසත මධු වසන්තේ
යසට සිතුවම් වෙලා
රජත හසරැළි දිසේ
මුහුණු විකසිත වෙලා...

බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා
සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා
සුවඳ විත ඉහිරිලා...

නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා
තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා
අසිරියෙන් මත්වෙලා...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක