බොඳ වේ ද සුදු මීදුමේ
ඈ මා සොයා ඒ තරු කැන් දුමාරේ
දුර ඈත කඳු බෑවුමේ...
රෑ සිහිනෙන් ළං වී සැතපී සිතේ
අනුරාග මල් මාවතේ
ඇසුරෙන් දුරස් වී ප්‍රේමේ වියෝ ගී
ඇවිලේ ද පෙම් චිතකයේ...
මා මනසින් වෙන් වී මතකේ වෙලී
ගුරු පාර ළඟ ගං ඉමේ
සිතුවම් අතීතේ විහඟුන් විලාසේ
පෙරසේ මැවේ මැදියමේ...
පද රචනය - අජන්තා රණසිංහ
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
YouTube
ලස්සන ගීතයක්...
ReplyDelete