මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කල පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙල දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා....
කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ
අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Sunday, June 30, 2013
Friday, June 7, 2013
බින්දුමතී.
බින්දුමතී.....
බින්දුමතී.....
මා ආදර පේමාදර බින්දුමතී
පෙමා වඩන ළද බින්දුමතී....
කලු උක් ගස විලසා කලු කලු නංගීයේ
දර කඩලා ඉහ තියලා කොහේද ගියේ
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ
නුඹ එක්කා මා එන්නා යමු නංගීයේ...
ළිඳ ළඟටා යන්න එපා දියබරියා කයි
වැට ළඟටා යන්න එපා කබරගොයා එයි
ගඟ ළඟටා යන්න එපා අවි මානා එවි
පිට ගමටා යන්න එපා අපි මෙහි තනි වෙයි...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
බින්දුමතී.....
මා ආදර පේමාදර බින්දුමතී
පෙමා වඩන ළද බින්දුමතී....
කලු උක් ගස විලසා කලු කලු නංගීයේ
දර කඩලා ඉහ තියලා කොහේද ගියේ
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ
නුඹ එක්කා මා එන්නා යමු නංගීයේ...
ළිඳ ළඟටා යන්න එපා දියබරියා කයි
වැට ළඟටා යන්න එපා කබරගොයා එයි
ගඟ ළඟටා යන්න එපා අවි මානා එවි
පිට ගමටා යන්න එපා අපි මෙහි තනි වෙයි...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Subscribe to:
Posts (Atom)