Saturday, January 10, 2015

මෝහෙන් මුලා වෙලා

මෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ...

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ 
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ....

කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී...

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ...

පද රචනය - සිරිල් ඒ සීලවිමල
තනු නිර්මාණය හා සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
Mp3 - Mohen Mula Wela

YouTube 


1 comment:

  1. මේ ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර් ගේ...
    1969 දී සරසවි චිත්‍රාගාරයේ දී පටිගත කර ආර්. ඒ. සී EP තැටියකට නැඟුණු ගීතයක් බව දර්ශනී චන්ද්‍රසේන මහත්මිය පවසනවා..

    ReplyDelete