Tuesday, April 8, 2014

ඈත එපිට ගම්මානේ

ඈත එපිට ගම්මානේ
වෙල අද්දර පුංචි පැලේ
පුංචි පුතා මිදුලට වී
හඳ ඉල්ලා හඬනු ඇසේ...

සඳ මොකටද අපට පුතේ
තරු මොකටද ආකාසේ
පුතා උපන් මේ මව් රට
ඊට වඩා අගෙයි පුතේ...

දෙදහස් වසරක් තිස්සේ
අප හිටියා මේ පොළොවේ
කවදාවත් අපට පුතේ
අගහිඟයක් නෑ දැනුණේ...

ඒ කාලේ අපියි පුතේ
ඔය මහ දාගැබ් හැදුවේ
මූදු වගේ වැව් බැඳලා
ගොඩ මඩ දෙක සරු කෙරුවේ...

පාන්දරින් වෙල් නියරේ
ඇවිදින කොට ලා පින්නේ
වාසනාව මේ පොළොවේ
හිතට කයට දැනෙයි පුතේ...

අපේ ලෙයින් මසින් පුතේ
අප මේ රට ගොඩනැඟුවේ
අපේම පණ පුද කරලයි
අප මේ රට පණ පෙව්වේ...

සිංහල රන්කිරි කට ගා
පොඩි පුතු හෙට ලොකු වෙනවා
රට රකින්න රන් අසිපත
පුතුගෙ අතට මම දෙනවා...

පද රචනය - මහගම සේකර
තනු නිර්මාණය  - සරත් දසනායක

Mp3 - Etha Epita

YouTube

No comments:

Post a Comment