තුරු ලපලු ලතාවෝ පවනේ සැලී
සීතල මේ නිහඩ රෑ
ආදර විහඟුන් බලා
සිතුම් විමානේ සසල කලාවූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ
ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලී
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ
පද රචනය - හැරී විමලසේන
තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන
Mp3 - Thuru Lapalu
YouTube
බොහොම ස්තූතියි සෝරෝ... පදරචකයා සහ සංගීතඥයාගේ නම් ඉදිරිපත් කිරීම බොහොම අගය කරනවා....
ReplyDelete