සුරංගනාවක් සදිසි මෙනවියක් අපේ මණ්ඩියට ආවා ලූ
මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු
ඇය ඔබද කියන් ළඳුනේ
ඔබ ඇය ද කියන් ළඳුනේ
බොහොම කාලයක් ඔහොම රූපයක් මගේ හදවත තුල තිබුනා නම්
සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්
ඒ සිහින කුමරි ඔබ නම්
කුමරුවා මම ය බැඳි පෙම්
හිතට පාලුවක් දැනෙන යාමයක් ඔබටද මට මෙන් දැනේවි නම්
අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්
ඒ ලොව කියන නම නම්
ආදරය පමණි මට නම්
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්
Mp3 - Suranganawak Sadisi
YouTube
අහලවත් තිබ්බේ නැති ගීතයක්.... ස්තූතියි. මම තව කැමති වැඩිය නෑසෙන ගීයක් තමයි 'සරුපස දිලේ පූදින ගොයමක් සේම' ගීතය. ඒ වගේම 'තුරු ළපළු ලතාවෝ'. මේ දෙකම මම දැක්ක හැටියට තවම ඇතුල් කරලා නෑ. පුළුවන් කමක් තියනවා නම් දාන්න.
ReplyDeleteබොහොම ස්තූතියි අදහසට.. මම ඒ ගීත දෙකත් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්නම්..
Delete