Tuesday, January 20, 2015

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැරේ මී වද සුවඳ සදා දේ...


පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි වරුසා වේවා...
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා...


සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා...
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා...


පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය -  සරත් දසනායක
සහාය ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
චිත්‍ර පටය - සදහටම ඔබ මගේ

Mp3 - Pemrasa Wehena

YouTube

2 comments:

  1. තවත් සිත්ගත් ගීතයක්

    ReplyDelete
  2. https://soundcloud.com/sindukaali/q0l2ukf0qncd

    ReplyDelete