Tuesday, January 6, 2015

සංගීතවේදියෝ

දෝතට ගත්තේ දොළකින් බිඳුවකි
බර ඇති ගසකින් කැඩුවේ ගෙඩියකි
ලැබෙන දෙයක් ඇඳ සතුටු වුනා ලොව

සංගීතවේදියෝ...
සංගීතවේදියෝ...

සොබාදහම හා අවිදි වුනා මිස
කුරුළු ගීතයට කන් දුන්නා මිස
අවිහින්සක කම රජ කෙරුවා මිස
මානව භක්තිය ගැන සිතුවා මිස
ඒ පවසින් කිසි දින මුර ගා නැත

සංගීතවේදියෝ...
සංගීතවේදියෝ...

රජ සභා මැද පුද ලැබුවා මිස
දෙවියන්ගෙන් බුහුමන් ලැබුවා මිස
පතුරාගන්නට සිය කිතු ගොස යස
කවියට ගීයට කවමින් වස විස
අවි ගෙන කිසි දින සටන් වැදී නැත

සංගීතවේදියෝ...
සංගීතවේදියෝ...

පද රචනය -
තනු නිර්මාණය -
Mp3 - Sangeethawediyo

YouTube

2 comments:

  1. පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
    ගායනය: වික්ටර් රත්නායක

    ReplyDelete
  2. පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
    ගායනය: වික්ටර් රත්නායක

    ReplyDelete