සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ...
විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ
වැළපුන වෙරළක දිය බිඳුව ඔබ
ගොළුවුණු දෙතොලක සිනහ සිහිල ඔබ...
ගිණි දන කතරක පවන් රළකි ඔබ
විළි ලන අඳුරක නැවුම් ඉරකි ඔබ
නොහැඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව ඈ මෙන් නො එන දුකකි ඔබ...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
YouTube
වැදගත් - මුල් වීඩියෝව සම්භන්ධ කල නොහැකි නිසා බාගත කර නැවත මෙහි ඇතුලත් කරන ලදී
මේවා සින්දු නෙමේ අප්පා - හදවත මිරිකල දාන මොනවදෝ දේවල්!
ReplyDeleteලස්සන කතාව, තිස්ස අයියා :)
ReplyDelete