අනාථනාථයාණනි
තුන්ලෝ තල තිලකාය මාන වූ
ශ්‍යාක්‍ය සිංහ වූ
අනාථනාථයාණනි...
මුවින් සිනහ සී සිතින් වෛර කරනා
සිරුර වැළඳ ගෙල සිර කොට හිස සිඳිනා
බුදු බණ නෑසු රුදු මිනිසුන් දැක
පඬුපුල් සෙලසුන් උණු නොම වෙද අද...
දෙතොල හලා හල විෂ තැන තැන ඉසිනා
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා
නොමිනිස් කැළ නම් යහ මඟ නොදකිත්
සිවු වෙනි වරටත් බුදු හිමි වැඩියත්...
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
Mp3 - Anathanathayaneni
YouTube
No comments:
Post a Comment