Wednesday, July 2, 2014

අරුණ උදයේ

අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා
ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා...

ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්
එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්
පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්
කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්...

නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්
දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්
ඉතින් රැකියාවක් ද හරි හැටි නොමැති ඔහුගේ අත අරන්
කොළඹ යයි ඇය ඔහු හිඳී ගෙයි ගෙයයි දරුවයි මුර කරන්...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්