Wednesday, March 26, 2014

දෙනෙත සළා මඳ අඳුර මැදින්

දෙනෙත සළා මඳ අඳුර මැදින්
අසල ඉඳන් ඇය තුරුළු වෙමින්
අවන්හලේ දී ලං වූ තුසීතේ
ගිළිහී නොයේවා වසන තුරා..​.​

බඹර හඬින් මියුරු සරින්
නැගෙනා හඬින් හද සසැළෙනවා
අමා බඳුන් මුව ගෑ මොහොතින්
මසිත නිවේ යළි නිසල වෙලා...

මතක මැදින් කඳුළු තුලින්
සිඳුනු පැතුම් යළි සිහි වෙනවා
අමා බඳුන් මුව ගෑ මොහොතින්
මසිත නිවේ යළි සළිත වෙලා...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Thursday, March 13, 2014

තනි වෙන්නට මගේ ලොවේ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්...

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ...

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේ දෝ....

පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය  - රෝහණ වීරසිංහ

Tuesday, March 4, 2014

තුරු ලපලු ලතාවෝ

තුරු ලපලු ලතාවෝ පවනේ සැලී
සීතල මේ නිහඩ රෑ
ආදර විහඟුන් බලා

සිතුම් විමානේ සසල කලාවූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ

ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලී
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ

පද රචනය - හැරී විමලසේන
තනු නිර්මාණය  - එච්. එම්. ජයවර්ධන