Saturday, January 4, 2014

නින්ද නෑ නෙතේ

නින්ද නෑ නෙතේ සීතයි මන්ද මාරුතේ
ඉන්නෙ හාමතේ මොන දුකකින් ද මාවතේ...

පදික වේදිකා නවාතැනේ උනුන් වෙලී
සිහින බල බලා අපේ කුඩා එවුන් නිදී
උන් මුවේ රැඳී කිරි හුරතල් සිනා පොදී
දැක වින්ද වේදනා ගියා මැකී...

සොඳුරු තාරුකා පවා වලාකුලින් මැකී
අඳුරු රෑ පුරා නිසංසලේ දුකින් හඳී
හෙට උදෑසනෙන් පිටවී මේ නවාතැනෙන්
කොයි කවර අතක යම් ද නොදනිමී...

පද රචනය - බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Thursday, January 2, 2014

රෑහි හඬනනා පාලු සොහොනට

රෑහි හඬනනා පාලු සොහොනට
නිහඬ සඳ බැස යාවී
ඉතිං අද ඔබ නොඑන ගමනක
මගෙන් වෙන් වී යාවී...

විලක නිල් දිය අසල පෙම් බැඳි
සිහින මතකය පාලු වෙයි හෙට
ඉතිරි කර යන මතක සසලව
මඬන හද හෙට ඔබ සොයනු ඇත...

සසර පවතින දිනක හමුවන
තුරුම විකසිත ඔබේ සුවඳින්
දෙනෙත ඇර සිඹ සිත නිවාලන
තුරුලු වනු මැන මට දයාවෙන්...

පද රචනය - බෙනිල් ප්‍රියංක
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Wednesday, January 1, 2014

පොඩි කුමාරිහාමියේ

පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්...

නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමල
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
සිනා ගඟුල මැවුනේ
නුඹෙ හිනා ගඟුල මැවුනේ...

කඩා ගන්න බැරි වුනත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන්න ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක